එරට කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කරන්නේ මැග්නිටියුඩ් 6.1 ක් වූ එම භූ කම්පනය එරට වෙලාවෙන් අද (18) පෙරවරු 8 ට පමණ ඇතිවූ බවයි. භූ කම්පනය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දැමීමට බලධාරින් කටයුතු කර ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා සිදුවී තිබෙනවා.

තවද කර්මාන්ත ශාලා ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට ද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් කීපදෙනෙක් විදුළි සෝපානයන් තුළ සිරවී ඇති අතර, පුපුරා ගිය මහා මාර්ගවල කැඩී ගිය ජල නල හේතුවෙන් මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.

නිවාස 170,000ක පමණ විදුළි බලය බිඳවැටී ඇති අතර නිවාස 100,000 ක පමණ ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ද වාර්තා වනවා.
මෙමඟින් සුනාමි අවදානමක් ඇතිවී නොමැති අතර ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාර ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වනවා.
අවට නගර කීපයකටම මෙම භූ කම්පනයේ බලපෑම ඇතිවී ඇති අතර ඉදිරි දින කීපය තුළ තවත් බලවත් කම්පනයක් සිදුවිය හැකි බව එරට කාලගුණ විද්‍යා ආයතනය අනතුරු අඟවා තිබෙනවා.
















Read More »

Related Posts Plugin for WordPress, Blogger...